ට්විටර් ආයතනයේ වෙනසක්...

 

ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා සුදුසු අයෙකු තමා මේ වනවිට හඳුනාගෙන ඇති බව එහි හිමිකරු ඉලොන් මස්ක් පවසයි.


කාන්තාවක් වන ඇය ඉදිරි කාලය තුළ එම ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර ඇත.


කෙසේවෙතත් එම නව පත් කිරීමට සම්බන්ධ නිළධාරීවරියගේ අන්‍යතාව සම්බන්ධයෙන් තොරතුරු ඔහු හෙළිකර නොමැති අතර මේ සම්බන්ධයෙන් ට්ව්ටර් සමාගම තුළ ද දැඩි කතාබහක් මතුව තිබේ. 


ට්විටර් ආයතනයේ හිමිකරු ඉලොන් මස්ක්ගේ මෙම ප්‍රකාශයත් සමග අකර්මණ්‍ය ස්වරූපයක් ගෙන තිබූ ඔහුගේ ව්‍යාපාර යළි ශක්තිමත් වනු ඇති බව විදෙස් විචාරකයින් පෙන්වා දී ඇත.

Post a Comment

0 Comments