පාතාල තර්ජනයන් නිසා බියෙන් පසුවන සල්මන් ඛාන්...

 


පාතාලයේ තර්ජන හේතුවෙන් තමා ජීවත්වන්නේ බියෙන් බව ප්‍රකට බොලිවුඩ් නළු සල්මාන් ඛාන් පවසා තිබේ.

මෙසේ ඔහුට මරණ තර්ජන එල්ල වී තිබෙන්නේ, ප්‍රකට පාතාල නායකයකු වන ලෝරන්ස් බිෂ්නෝයිගෙන්ය.

ඒ නිසා සල්මන්ගේ පෞද්ගලික ආරක්ෂාව තර කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර ඇත.

ඉන්දීය රූපවාහිනී වැඩසටහනයකට එක්වෙමින් ද සල්මන් තමන්ට එල්ල වී ඇති මේ මරණ තර්ජන මෙන්ම ඒ සඳහා ගෙන තිබෙන ආරක්ෂක පියවර ගැන ද ප්‍රකාශ කළේය.

මෙහිදී සල්මන් ඛාන් විසින්, "මම හැමතැනම යන්නේ පූර්න ආරක්ෂාව සහිතව, මම දන්නවා මම මොන දේ කරත් වෙන්න යන දේ නවත්තන්න බැරි බව. මම දෙවියන් විශ්වාස කරනවා. දැන් මගේ වටේ ආරක්ෂකයෝ ගොඩක් ඉන්නවා. තුවක්කු ගොඩක් මාත් එක්ක යනවා. නමුත් මේ දවස්වල මම බයයි. ආනාරක්ෂිතභාවයට වඩා ආරක්ෂාව හොඳයි. දැන් මට පාරේ බයිසිකලේ පැදගෙන තනියම කොහෙවත් යන්නා බැහැ. කොහොම නමුත් මම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ" යනුවන් ප්‍රකාශ කළ සිටියා.

Post a Comment

0 Comments