වනිදු අවදානමක...

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට එළැඹෙන ඇෆ්ගනිස්තාන තරඟ සංචාරය අහිමි වීමේ තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

ඊට හේතුවී ඇත්තේ ඔහු පාදයේ ආබාධයට ගොදුරු වි සිටීමයි.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට ඉන්දියාවට ගොස් සිටින ඔහු එහිදී මෙම ආබාධයට ලක්ව ඇත.

කෙසේ වෙතත් මේ වන විටත් ඔහු ඉන්දියාවේ රැඳී සිටීම නිසා ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ක්‍රිකට් බලධාරීන්ට ලබා ගැනීමට නොහැකි වී තිබේ.

වනිදු නියෝජනය කරන බැංගලෝර් කණ්ඩායම මේ වන විට තරඟාවලියෙන් ඉවතට විසි වී තිබේ.

Post a Comment

0 Comments