සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියක් මිය යයි.. සොරකමකට පොලිසි ගිහින්..

 

ව්‍යාපාරික සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ මෙහෙකාරියක් පොලිස් ස්ථානය තුළ හදිසියේම රෝගී වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඇයගේ නිවසේ සොරකමක් පිළිබඳව මෙම මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රශ්ණ කිරීම් අතරතුරු රෝගී වූ ඇය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි.

බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.

තම නිවසේ සිදු වූ සොරකමක් ගැන වැලිකඩ පොලීසියට පසුගිය 11 වැනිදා සුධර්මා නෙත්තිකුමාර මහත්මිය විසින් පැමිණිලි කර ඇති අතර තම නිවසේ මෙහෙකාරිය විසින් රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරකම් කර ඇතැයි පැමිණිල්ලේ දැක්විණි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය විසින් එම නිවසේ මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියේ රඳවාගෙන ප‍්‍රශ්ණ කරද්දී හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් අනතුරුව රෝහලේදී රෝගී තත්වය උත්සන්න වී ඇය මියගොස් ඇත.

Post a Comment

0 Comments