අගමැති මහින්ද, ජෙරම් හා ඌබට් හමුවූ හේතුව මෙන්න…

 

දේවගැති ජෙරොම් ප‍්‍රනාන්දු විසින් ආගම්වලට එරෙහිව සිදු කරන ලද ප්‍රකාශ හෙළා දකින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙරට තව දුරටත් ජාතිවාදී අසමගියකට හෝ වෛරයකට ඉඩක් නොමැති බවත් හෙතෙම කියා සිටී.

සිම්බාබ්වේ දේවගැති ඌබට් ඒන්ජල් හෝ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සමඟ තමනට කිසිදු සම්බන්ධයක් නැති බවත් අගමැතිව සිටියදී හමුවීමට අවස්ථාවක් දෙන ලෙස ජෙරොම් ප‍්‍රනාන්දුගේ කාර්යාලයෙන් ඉල්ලීමක් මත එම අවස්තාව ලබා දුන් බවත් ඒ මහතා කියයි.

එය සුහද හමුවක් වූ බවත් එහිදී දේවගැතිවරුන් දෙදෙනාම තමන්, තම බිරිඳ කුඩා යාඥාවක් පැවැත්වූ බවත.් පවසන ඔහු එය නිල රැස්වීමක් වූ බැවින් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරන ලද බවත් කියා සිටී.

තමනට ජෙරොම් ප‍්‍රනාන්දු හ ඌබට් ඒන්ජල් හමු වී ඇත්තේ එම අවස්ථාවේදී පමණක් බවත් ඔවුන් සමඟ වෙනත් කිසිදු හමුවක් සිදුව නැති බවත් රාජපක්‍ෂ මහතා තව දුරටත් අවධාරණය කරයි.

Post a Comment

0 Comments