මෙරට ඖෂධ මිල ඉදිරි සතියේදී 10-15 % ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
ඩොලරයේ අගය අඩු වීමට සාපේක්ෂව මෙලෙස ඖෂධ මිල අඩු කිරීමට පියවර ගැනෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඖෂධ මිල අඩු කළ හැකි ප්‍රමාණය සම්බන්ධව මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණාකාධිකාරි අංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද ඔහු පැවසීය.
ජත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් අද (17) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී පැවැති ජාතික උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.
 

 
 
 
 
 
 
 
 
0 Comments