කළුතර සිසුවියගේ මරණය ගැන හෙළිදරව්වක්..

 



අභිරහස් ලෙස මියගොස් සිටි කළුතර පාසල් සිසුවියගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබා දී තිබේ.


ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදයකුමාර අමරසිංහ පැවසුවේ මියගිය දැරියගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවයි.


එමෙන්ම මියගිය දැරියට යම් ලිංගික අපයෝජනයක් සිදුව ඇති බවට සැක කළ හැකි සාධක පවතින බව ද ඔහු පැවසීය.


මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදයකුමාර අමරසිංහ මෙලෙස පැවසීය,


"මෙය ඉතාම බරපතළ තත්ත්වයක්. මෙවැනි සිදුවීම්වලින් අනතුරුව නීතිය බලාත්මක කිරීම තුළින් පමණක් දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු වෙන්නේ නෑ. දෙමාපියන්ට, භාරකරුවන්ට සහ ඥාතීන්ට විශාල වගකීමක් තියෙනවා මේ නව යෞවන වයසේ පසුවෙන දරුවන්ගේ ආරක්ෂාව සලසා දීමට. 


විශේෂයෙන්ම තරුණ දියණිවරු ඉන්න දෙමාපියන්, භාරකරුවන් තරුණ දරුවන් සිටින දෙමාපියන් විශේෂයෙන්ම තමන්ගේ දරුවන් සම්බන්ධතා පවත්වන්නේ කවර ආකාරයක අය සමඟ ද? ඔවුන් යන එන අය ගැන කල්පනාවෙන් හිටියොත් මෙවැනි ඛේදජනක සිදුවීම් වළක්වා ගන්න පුළුවන්."

Post a Comment

0 Comments