උපාධිධාරීන්ට රජයේ රස්සා දෙන්න බෑ…

 

ඉදිරියේදී උපාධිධාරීන්ට රජයේ රස්සා දීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ මුදලින් ඉගෙනගෙන ආණ්ඩුවෙන්ම රස්සා ලබාදීම මෙතෙක් සිදුකළද ඉදිරියට එය සිදුකල නොහැකිවනු ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව මෙරට රාජ්‍ය සේවකයන් ප්‍රමාණය ජනගහනයට සාපේක්ෂව ඉතා ඉහළ අගයක පවතින බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව දැනට සකස් කරමින් සිටින වැඩසටහන් එම තත්ත්වයන් සලකා බලා තරුණ පෙල ඉලක්ක කරමින් සකස් කරන බවද හෙතෙම කියා සිටියේය.

අගුණකොලපැලැස්සේදී පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Post a Comment

0 Comments