කළුතර හෝටලයක ඉහළ මහලකින් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනා අද (15) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
සැකකරුවන් අතර මියගිය සිසුවිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙස සිටි පුද්ගලයා ද වේ.
සැකකරුවන් අධිකරණයට රැගෙන එන මොහොතේ, මියගිය දැරියගේ මව ඇතුළු 100කට ආසන්න පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට ගාලුපාරේ පෙලගැසී නිහඬ විරෝධතාවක නියැලී සිටියේය.


0 Comments