උල් පිහියක් රැගෙන මහවිල මිරිස්වත්ත නිවසකට කඩා වැදී නිවෙස් හිමි කාන්තාවගේ ගෙලට පිහියක් තබා රුපියල් 75,000 ක මුදලක් කොල්ල කා පලාගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව අලුබෝමුල්ල පොලිසිය පවසයි.
නිවසේ ප්‍රධාන දොරටුව අභියස පුද්ගලයකු සිටිනු දැක දොර විවෘත කර පරික්ෂා කිරීමේදී දිනේෂ් මංජු හේමසිරි හෙවත් ඇඟිල්ලා යන පුද්ගලයා බව නිවැසියන් හදුනාගෙන ඇත.
ඒ සමගම ඔහු නිවෙස තුළට කඩා වැදී නිවසේ කාන්තාවගේ ගෙලට පිහිය තබා මුදල් ලබා දෙන ලෙස මරණීය තර්ජනය කර තිබූ බව පොලිසිය පවසයි.
බිය වු නිවෙස් හිමි කාන්තාව කොල්ලකරු සමඟ නිවස තුලට ගොස් අල්මාරියේ තබා තිබූ රුපියල් 75000ක් කොල්ලකරු අතට ලබාදීමෙන් අනතුරුව පලාගොස් තිබූ බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
නිවසේ ප්‍රධාන දොරටුව අභියස පුද්ගලයකු සිටිනු දැක දොර විවෘත කර පරික්ෂා කිරීමේදී දීර්ඝ කාලයක සිට දන්නා හඳුනන පුද්ගලයකු වන දිනේෂ් මංජු හේමසිරි හෙවත් ඇඟිල්ලා යන පුද්ගලයා සිට ඇති අතර ඒ සමගම ඔහු නිවෙස තුළට කඩා වැදී නිවෙසි කාන්තාවගේ ගෙලට පිහිය තබා මුදල් ලබා දෙන ලෙස මරණීය තර්ජනය කර තිබූ බව පොලිසිය පවසයි.
බිය වු නිවෙස් හිමි කාන්තාව කොල්ලකරු සමඟ නිවස තුලට ගොස් අල්මාරියේ තබා තිබූ රුපියල් 75000ක් කොල්ලකරු අතට ලබාදීමෙන් අනතුරුව පලාගොස් තිබූ බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අලුබෝමුල්ල පොලිසිය මේ වන විට පරීක්ෂණ පවත්වයි.
0 Comments