තවත් දින කිහිපයකින් ගෑස් මිළ පහත දැමීමට හැකිවනු ඇති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි.
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට එක් වෙමින් ඔහු සදහන් කළේ තවදුරටත් ආර්ථිකය ශක්තිමත් වීමත් සමග QR කේතය අනුව ඉන්ධන නිකුත් කිරීම නැවැත්වීමටද පියවර ගන්නා බවය.
පවතින ආනයන සීමා ලිහිල් කීරීමට සැළසුම් කරන බවද සාගල රත්නායක පැවසීය.
සාගල රත්නායක වැඩිදුරටත් පැවසුවේ සියයට 70ක්ව පැවති උද්ධමනය මේ වන විට සියයට 35 මට්ටමට පැමිණ ඇති අතර මේ වසර අවසන් වන විට එය තනි ඉලක්කමක් දක්වා ගෙන ඒමට බලාපොරොත්තු වන බවය.
0 Comments