එවරස්ට් කඳු මුදුන තරණය කර නැවත පැමිණෙමින් සිටි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මියගොස් තිබේ.
ජේසන් බර්නාඩ් කෙනිසන් නම් 40 හැවිරිදි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ ඔහු ගෙන ගිය ඔක්සිජන් අවසන්වීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2006 වසරේදී මෝටර් රථ අනතුරකින් සිදුවූ කොඳු ඇට පෙළේ ආබාධය සුවකරගැනීමෙන් අනතුරුව ජේසන් බර්නාඩ් කෙනිසන් එවරස්ට් කන්ද තරණය කර තිබේ.
ඒ, ඕස්ටේ්‍රලියාවේ එවැනි ආබාධවලට ලක්වූවන් සඳහා ආධාර ලබාගැනීමේ අරමුණින් බව සඳහන්.
මීටර 8,849 ක් උසැති එවරස්ට් කන්ද තරණය කිරීමේදී පසුගිය කාලය තුළ දස දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.


0 Comments