තිරිඟු පිටි සහ සීනි මිල ඉහළට...

 



තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් සහ සීනි කිලෝවක මිල රුපියල් 25කින් ඉහල දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසයි.


කෙසේ නමුත් ඊයේ(07) දිනයේ දී තිරිඟු පිටි සඳහා පැවති රුපියල් තුනක බදු සහනය ඉවත්කළ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ මේ බදු සහනය ඉවත් කිරීම තුලින් කිසිසේත්ම මිල වැඩිවීමක් සිදු නොවන බවයි.


ලෝක වෙළඳපොළේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා ඉහළ යාම නිසා සීනි මිල ඉහළ ගොස් ඇති බව ආනයනකරුවන් පවසයි.


මීට පෙර සුදු සීනි කිලෝවක මිළ පැවතියේ රුපියල් 190ක් ලෙසයි.

Post a Comment

0 Comments