කෑම පාර්සලය, වතුර බෝතලය පිටරටින් ගේන්න ප්ලේන් එකක් යවයි…

 



කන කෑම එක, වතුර බෝතලය පවා ගුවන් යානයක් යවා පිටරටින් ගෙන්වා ගෙන කන බොන ධනපතියන් මෙරට සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතය පැමිණි අවස්ථාවේ මුලින්ම ගෙන්වන ලද එන්නත් පවා ලබා දෙන ලද්දේද ආණ්ඩුවේ දේශපාලන පක්ෂ කාර්යාලයක ඔවුන්ගේ හිතවතුන් පිරිසකට බව හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාබ යෝජනා ක්‍රමය පිළිබඳ වූ විවාදයේ දී ය.

Post a Comment

0 Comments