ඇඹිලිපිටියේ මාරක රිය අනතුරක්...

 

ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය රත්නපුර මාර්ගයේ උඩගම හන්දිය ප්‍රදේශයේදී රත්නපුර දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊයේ (08) යතුරු පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.


අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


මරණකරු වයස අවුරුදු 23ක් වූ නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.


අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ

Post a Comment

0 Comments