ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දීම් කරන ලද ආණ්ඩුකාරවරුන් එම ධූරවලින් ඉල්ලා අස් නොවනු ඇති බව වාර්තා වෙයි.
අධිකරණ ක්ෂේත්‍රයේ හිටපු ප‍්‍රබලයෙකු සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන ඇති බව ද සඳහන්ය.
ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ලැබී ඇති දැනුම් දීම සම්බන්ධයෙන් තත්වය සාකච්චා කිරීමට මෙම හිටපු අධිකරණ ප‍්‍රබලයා හමුවීමෙන් පසුව මෙම තීන්දුවට පැමිණ ඇතැයිද වාර්තා වෙයි.
නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම සඳහා ධුරවලින් අස්වන ලෙස පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දී දැනට දින කිහිපයක් ගත වෙයි.
0 Comments