රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයෙක් නොමැති අවස්ථාවක විපක්ෂය විසින් සභාපතිවරයකු පත් කළ යුතුය යන ස්ථාවර නියෝග තිබිය දී අනීතිකව, ව්‍යවස්ථා විරෝධිව වැඩබලන සභාපතිවරු රජය විසින් පත් කර මෙවැනි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා නීත්‍යානුකූලව ඉදිරිපත් වන්නේ කෙසේද? කියා ප්‍රශ්න කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කාරක සභාවක් ස්ථාපනය වන්නේ එහි සංයුතිය තුළ නිත්‍යානුකූලව, ව්‍යවස්ථාපිතව හා ස්ථාවර නියෝග මත පදනම්ව ස්ථිර සභාපතිවරයකු පත් කිරීමෙන් බවත් නිත්‍යාකුලූව සභාපති වැඩ නොබලන විට තාවකාලික සභාපතිවරයකු පත් කල හැකි නමුත් මේ අවස්ථාවේ සිදුව ඇත්තේ ස්ථාවර නියෝගවලට ව්‍යවස්ථා විරෝධි කටයුත්තක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මෙවැනි තත්ත්වයක් තුළ බංකොලොත් රටක අනීතිව වැඩ කරන්න පාර්ලිමේන්තුවට අවස්ථාවක් නොමැති බවත් කරුණාකර මුදල් කාරක සභාවට නිත්‍ය සභාපතිවරයකු පත් කර මෙම වාර්තා නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් මෙතෙක් අනීතික සභාපතිවරයකු හරහා ඉදිරිපත් කළ වාර්තා නීති විරෝධි, ස්ථාවර නියෝග කළ වන හා ව්‍යවස්ථා විරෝධි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවට අනීතික සභාපතිවරයකු හරහා සම්මත කරන ලස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමිනි.

0 Comments