අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ට ගැටලුවක්...

 අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිළිකා රෝගී වාට්ටුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා එම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.


වාට්ටුව තුල තිබෙන ඇදන් ප්‍රමාණවත් නොවීම සහ ඖෂධ හිඟය හේතුවෙන් එය තවත් උග්‍ර වී ඇති බව සඳහන්ය 


එසේම, පිලිකා රෝගීන් ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වීමත් සමග රෝහලට පැමිණෙන රෝගීන්ගෙන් සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබේ.


මේ අතර, කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් නොමිලේ සංවිධාන කර තිබූ වකුගඩු වෛද්‍ය සායනයකට ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍යවරයා එරෙහි වීමත් සමග අද එම සායනය එහි පවත්වා තිබුණේ නැත.


කෙසේ වෙතත් කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ සෞඛ්‍ය නිලධාරින්ගෙන් අවසර ලබා නොගැනීම හේතුවෙන් මෙම වැඩසටහන පැවැත්වීමට අවසර නොදුන් බවය.


Post a Comment

0 Comments