මගේ බිරිදට සජිත් කතා කලා.. හඬපට ප‍්‍රසිද්ද කරන්න සූදානම්…

 

සමගි ජන බලවේගයෙන් ඉවත් නොවී තමන් රඳවා ගන්නැයි තම බිරිඳට හා සහෝදරයාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතා කළ හඬ පට තමන් සතුව ඇති බව සමගි ජනබලවේගයේ හිටපු උප සභාපති සහ හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.

විපක්ෂ නායකවරයා සමඟ තමන් දිනක් හෝ කටයුතු කර නිසා ඔහුගේ අවසරයකින් තොරව එම හඬපට එළියට දැමීමට තමන් සූදානම් නැති බව ද පැවසූ ඔහු විපක්ෂනායකවරයා අවසර දෙන්නේ නම් එම හඬ පට එලියට දැමීමට සූදානම් බවත් පැවසීය.

හැරිසන් යනු සමගි ජන බලවේගයේ ඉරට්ටක් යැයි එම පක්ෂය විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

තම බිරිඳ හා සහෝදරයාට සජිත් ප්‍රේමදාස මහතා කතා කළ හඬ පට ප‍්‍රසිද්ද කලහොත් තමන් ඉරක්ටක්ද පොල්ගහක් දැයි තේරුම් ගැනීමට හැකි වනු ඇති බව හෙතෙම තවදුරටත් කියා එහිදී පැවසීය.

Post a Comment

0 Comments