සාගල මාතරින් කොළඹට...

 

එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ ආසන බලමණඩලයේ නව සභාපති ලෙස සාගල රත්නායක තෝරාපත් කරගෙන තිබේ.


ඒ, අද (23) කිරුළපනදී පැවති එක්සත් ජාතික පක්ෂ බලමණඩල රැස්වීමේදී ය.


හිටපු නාගරික මන්ත්‍රි අර්ෂාඩ් විසින් සාගල රත්නායකගේ නම යෝජනා කළ අතර සභාව විසින් එය ඒකමතිකව ස්ථිර කර තිබේ.


ඒ අනුව සාගල රත්නායක ඉදිරියේදී කොළඔ දිස්ත්‍රිකයෙන් දේශපාලනයේ නිරත වනු ඇති.


ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙසද තනතුරු හොබවයි.


1999 වර්ෂයේ දී මාතර - දෙනියාය ආසනයේ එජාප බලමණඩල සභාපතිවරයා ලෙස පත්වු සාගල රත්නායක, පළාත් සභා මන්ත්‍රිවරයෙක්, පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයක්, නියෝජ්‍ය අමාත්‍ය හා කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කර තිබේ.

Post a Comment

0 Comments