සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නව පුද්ගලයෙකු පත්කිරීමට සූදානමක් ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
බොහෝ දුරට ඒ නවීන් දිසානායක හෝ පාලිත රංගේ බණ්ඩාර යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාගෙන් කෙනකු වනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියා සිටීයි.
මේ වන විට ටිකිරි කොබ්බෑකඩුව මහතා විදේශ සංචාරයක නිතරව සිටින අතර ඔහු වෙනුවට සබරගමු පළාතේ වැඩබලන ආණ්ඩුකාර ලෙස බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා එළැඹෙන ජුනි මස 4 වැනිදා තෙක් පත් කර තිබේ.

0 Comments