අන්තර් ආගමික කමිටුවක් පිහිටුවයි...

 



නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම ආගමික නායකයන් එකම වේදිකාවකට ගෙන විත් මෙම ප්‍රදේශයේ ජාතින් අතර ආගමික සංස්කෘතික වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම් තුලින් මෙම ප්‍රදේශයේ සාමය සංහිදියාව වර්ධනය කිරිමට නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවට හැකිවු බව එහි සම්බන්ධිකාරක එමිල් දිසානයක මසහතා පැවසිය.

නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ රැස්විමක් අද දින (13) හැටන් උත්සව ශාලාවක් තුල පැවති අවස්ථාවේ මේ බව පැවසු එමිල් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

මෙම අන්තර් ආගමික වැඩ සටහන් ආරම්භයේදි විවිධ ප්‍රශ්න පැන නැගුනා එහෙත් අපිට හැකියාව ලැබුනා මෙම වැඩ සටහන් තුලින් ප්‍රදේශයේ සියලුම ආගමික නානකයන් එකම වේදිකාවකට ගෙනවිත් මෙම ප්‍රදේශයේ ජාතින් අතර සාමය සංහිධියාව ඇති කිරිමට.

මෙම අන්තර් ආගමික වැඩ සටහන් දිස්ත්‍රික්ක 17ක් තුල ක්‍රියාත්මක වනවා අපිට මතකයි අම්පාර හා දිගන ප්‍රදේශවල ඇතිවු විවිධ සිද්ධින් එම සිද්ධින්වලදි නුවරඑළිය මහනුවර වැනි දිස්ත්‍රික්කවල සමහර දේවස්ථානවලට පහර දිම් ඇති වුනා එම අවස්ථාවලදි මෙම අන්තර් ආගමික කමිටු එම ප්‍රදේශවල සාමය සංහිධියාව ඇති කිරිම සදහා ඉදිරිපත්විම තුලින් එම ප්‍රදේශවල ජාතින් අතර සාමය ඇති කිරිමට හැකි වුනා.

වතු කම්කරුවන්ට බලපාන නිවාස ප්‍රශ්න, ශ්‍රිපාදස්ථානයේ නම මාරු කරන බවට ඇතිවු සංවාද ආදියේදි මෙම අන්තර් ආගමික කමිටුව සියලුම දෙනා එකට එක්ව කටයුතු කිරිම් හේතුවෙන් එම ප්‍රශ්න දුර දිග යාමට ඉඩ නොදි සමතයකට පත් කර ගැනිමටත් අපිට හැකිවුනා.

දිගන සිද්දියේදි මුස්ලිම් දේවස්ථානවලට එල්ලවු ප්‍රහාරවලින් ප්‍රිඩාවන්ට පත් සමහර මුස්ලිම් ජාතිකයන් අයිඑස්, අයිඑස්. සංවිධානයට බැදුන බවත් කියවෙනවා අද සමහර දේවස්ථානවල නොමිලේ පංති පැවැත්විම් විවිධ ශිෂ්‍යත්ව ලබා දිම් සිදු කරනවා එය සමහර අය ආගම්වලට බලයෙන් බදවා ගැනිමක් ලෙස සමහර අයගේ විවේචනයන්ට ලක්වනවා.

මෙවැනි සැක කටයුතු විවේචනයන් මෙවැනි අන්තර් ආගමික කමිටු තුලින් විසදා ගැනිමට හැකියාව පවතිනවා අපිට අවශ්‍ය මෙම ප්‍රදේශවල සාමය සංහිදියාව රැක ගැනිම සදහා සියලුම පාර්සවයන් එකම වේදිකාවකට රැස් කිරිමටයි.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ ආගමික පුජකවරුන් ඇතුළු පිරිසක්ද එක් විය.

Post a Comment

0 Comments