දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්...

 

හෙට (08)දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය කාල සටහන් පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 


එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඉදිපොලගේ මහතා පැවසුවේ, ප්‍රමාණවත් සේවකයින් රාජකාරී සඳහා වාර්තා කර ඇති බවයි.


මේ අතර, පිට පළාත්වල සිට කොළඹ දක්වා පැමිණෙන ජනතාවට අධිවේගී මාර්ගවල විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. 


එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ, මගීන්ගේ අවශ්‍යතාවය පරිදි උපරිම බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බවයි. 


ගම්බිම් බලා ගිය ජනතාව වෙනුවෙන් යළි කොළඹ පැමිණීම සඳහා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය ද සඳහන් කළේ ය.

Post a Comment

0 Comments