බේරේ දැම්මාට පලිය ගනී.. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මහ පාරේ ගුටි අනී…


සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂලට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඔහු තම වාහනයෙන් ගමන් කරමින් සිටියදී කොස්වත්ත ප්‍රදේශීය දී මෙම ප්‍රහාරය එල්ල වූ බවත් දස දෙනෙකු පමණ ඒ සඳහා එක්ව සිටි බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ මැයි 09 වැනිදා එල්ල වූ ප්‍රහාරය අතරතුරදී කඩුවෙල හිටපු උප නගරාධිපති වරයා බේරේ වැවට ඇද දමන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල පළ කිරීම සම්බන්ධයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බවද ඔහු සඳහන් කරයි.

තියුණු ආයුධ භාවිතා කරමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවද පැවසූ ඔහු හිටපු උප නගරාධිපති වරයා හා ඔහුගේ ආධාරකරුවන් ඊට සහභාගී වූ බවත් කියා සිටියි.

ප්‍රහාරයෙන් තුවාල ලබා ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මෝටර් රථයට ද දැඩි ලෙස අලාභහානි සිදුව තිබේ.

මේ අතර එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මුල්ලේරියාව රෝහලේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Post a Comment

0 Comments