බෝලවත්ත දුම්රිය ස්ථානාධිපතිවරයාට පහර දුන් අය අත්අඩංගුවට...

 



වෙන්නප්පුව, බෝලවත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකයින් 4දෙනෙකුට, පිරිසක් විසින් ඊයේ පහර දීමක් සිදුකර තිබේ.


අදාල සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ


පහරකෑමට ලක්ව ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සේවකයින් තුන් දෙනෙකු ප්‍රතිකාර සඳහා මීගමුව මහා රෝහලට ඇතුළත් කර තිබේ.


පුද්ගලයින් තුන් දෙනෙකු ඊයේ (13) රාත්‍රී බෝලවත්ත දුම්රිය ස්ථානය තුළ ඇති ආසන වල වාඩිවී මත්පැන් පානය කිරීමට උත්සාහ කර ඇතැයි සඳහන්.


එය දැක ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ සෙසු සේවකයින් දුම්රිය ස්ථානය තුළ මත්පැන් පානය කිරීමට නොහැකි බව පවසා ඇති අතර එහිදී දෙපාර්ශවය අතර බහින් බස්වීමක් හට ගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.


අනතුරුව එම පුද්ගලයින් තිදෙනා මන්නා පිහියක් සහ රීප්ප පටියක් ද රැගෙන පැමිණ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසට පහර දී දුම්රිය ස්ථානයටද අලාභ හානි කර පිටව ගොස් තිබේ.


පහර කෑමට ලක්වූ පිරිස විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි සඳහන්.


වහාම ක්‍රියාත්මක වූ වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු සහ මිරිස්සන්න්තොටුව පදිංචි 45 හැවිරිදි පුද්ගලයක්.


සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි

Post a Comment

0 Comments