බැසිල් රටින් යයි...

 

හිටපු අමාත්‍යවරයෙකු වන බැසිල් රාජපක්ෂ අද (07) අලුයම විදෙස්ගත වී තිබේ.


ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ අද (07) අලුයම 3.30ට පමණ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය ඔස්සේ ඔහු ගුවන්තොටුපල තුළට පැමිණ ඇති බවයි.


එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරණ ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .


ඩුබායි සිට ඇමරිකාව දක්වා හිටපු ඇමතිවරයා ගමන් කරනු ඇතැයි තොරතුරු ලැබී තිබේ.


බැසිල් රාජපක්ෂ සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී තිබේ.

Post a Comment

0 Comments