රට වෙනුවෙන් ගන්නා නිවැරදි පොදු තීරණවලදී කොන්දේසි විරහිතව රජයට සහාය ලබාදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) කොළඹ පැවති වැඩමුළුවක් අමතමිනි.
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ සභාවලට තෝරා ගැණුනු තරුණ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණි.
මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී තිබුණි.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස
"නිවැරදි දෙයක් සිදුවෙන කොට අපිට අහක බලං ඉන්න බැහැ. හොඳ දේ හොඳයි කියලා කියන්න ඕනේ. කෙතරම් පරස්පර ස්ථාවරයන්වල සිටියත් රටේ පොදු යුතුකම උදෙසා අපි එකට එකතුවීමේ කාලය එළඹිලා තිබෙනවා. මේක රටට අගයක් එකතු කිරීම මිස තනතුරු පට්ටම් උදෙසා නොවෙයි. රට වෙනුවෙන් ජාතික සම්මුතියකට එළඹීමට අපි සූදානම්."

0 Comments