ශ‍්‍රී ලංකාවට විදේශ ගමන් බලපත්‍ර දෙකකින් පැමිණි චීන ජාතිකයා වහාම පිටුවහල් කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට දැනුම් දී තිබේ.
මෙම චීන ජාතිකයා ඊයේ දින ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හා විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමට කටයුතු කර තිබින.
ඉන් අනතුරුව එම චීන ජාතිකයා වහාම පිටුවහල් කරන්නැයි අලස් මහතා දන්වා ඇත.
රාජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු විසින් නිකුත් කරන ලද ලිපියක් මත මෙම චීන ජාතිකයට මෙරටට ඇතුළු වීමට ඉඩ ලබා දී තිබූ අතර පසුව ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් අරඹන ලදී.


0 Comments