ආගමික සංහිඳියාවට හානිදායක ප්‍රකාශයක් කල දේවගැති ජෙරම් ප‍්‍රනාන්දු ගැන පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.
මෙවන් වගකීම් විරහිත ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී සංහිඳියාවට බලපෑමක් විය හැකි නිසා එකී ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කොට තමාට වාර්තා කරන්නැයිද
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත ජනාධිපතිවරයා දන්වා ඇත.
ඒ අනුව සාගල රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ අදාල ප‍්‍රකාශය ගැන වහා පරීක්‍ෂණ ආරම්භ කරන ලෙසයි.

0 Comments