දුෂණ චෝදනා සඳහා වැරදිකරු වූ ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට එරෙහිව නියෝගකර තිබූ දඬුවමට එරෙහිව ඉදිරිපත්කළ අභියාචනය පරාජය වී තිබේ.
ඔහුට එරෙහිව තුන්වසරක දඬුවමක් දියයුතු බවට තීන්දුකළ අධිකරණය ඉන් වසර දෙකක් අත්හිටුවීමට නියෝගකර තිබුණි.
සාකෝසි අභියාචනය යොමුකර තිබුණේ එම දඬුවමට එරෙහිවය.
එහෙත් ඔහුගේ එම අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට පැරිස් අභියාචන අධිකරණය නියෝග කළේය.
නමුත් අධිකරණය පැවසුවේ හිටපු ජනාධිපතිවරයා සිය දඬුවම සඳහා හිර ගෙදරට යෑම අවශ්‍ය නොවන බවය.
ඔහුට සිය නිවසේ සිටීමට අවස්ථාව ලබාදී ඇති නමුත් ඔහු සිය නිවසේ සිටිය යුත්තේ "ටැග්" එකක් පැළඳ බව අධිකරණය නියෝග කර තිබේ.
විනිසුරුවරයෙකුට බලපෑම් කළ බවට 2021දී චෝදනා එල්ලවූ සාකෝසි එම නඩුවෙන් පරාජය විය.
මෙවැනි දඬුවමක් ලැබූ ප්‍රංශයේ පළමු හිටපු ජනාධිපතිවරයා ඔහු ලෙස ඉතිහාසගත වෙයි.
 

 
 
 
 
 
 
 
 
0 Comments