සැමියා එනතෙක් පාරේ සිටි කාන්තාවකට අත්වූ ඉරණම...

 

පිටිගල මාපලගම මාර්ගයේ මානම්ට ප්‍රදේශයේදී ලොරි රථයක් කාන්තාවකගේ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එම කාන්තාව මියගොස් තිබුණි.


ඉකුත් 03 වනදා එම අනතුර සිදුවී තිබූ අතර මෙලෙස මියගොස් ඇත්තේ වත්තහේන දියකිතුල් කන්ද ප්‍රදේශයේ පදිංචි නි⁣රෝෂා උදයංගනි නම් 39 හැවිරිදි විවාහක කාන්තාවකි.


ඇය ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවක් වන අතර කොළඹ ප්‍රදේශයේ රැකියාවේ නිරතවී සිටි බව ඥාතීන් පවසයි.


මීට දින කිහිපයකට පෙර නිවසට පැමිණ ඇති ඇය තම සැමියා සමග යම් කටයුත්තක් සඳහා පිටත්වීමට මාර්ගයේ රැඳී සිටියදී අනතුරට ලක්වී ඇත.


තුවාල ලැබූ කාන්තාව ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව නියාගම ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබුණත් ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.


අනතුරට සම්බන්ධ ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇති අතර රියදුරා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වෙයි.

Post a Comment

0 Comments