ෆේස්බුක් මිතුරු ඉල්ලීම් ගැන විශේෂ දැනුම්දීමක්...

 



ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ ඇතිවූ දෝෂයක් මේ වනවිට නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ෆේස්බුක් හිමි Meta සමාගම පවසයි.


අදාළ දෝෂය තුළින් සිදුව ඇත්තේ ගිණුම් පරිශීලකයින්ගේ දැනුවත්භාවයෙන් තොරව මිතුරු ඉල්ලීම් වෙනත් පුද්ගලයින් වෙත යොමුවීමයි.


එහිදී සිදුව ඇත්තේ ගිණුම් පරිශීලකයින් විසින් තම ගිණුමේ මිතුරු මිතුරියන්ගේ ලැයිස්තුවේ නොමැති අයෙකුගේ ගිණුමක් පිළිබඳ සෙවීමට උත්සාහ කළහොත් අදාළ ගිණුමේ අයිතිකරු වෙත මිතුරු ඉල්ලීමක් යොමුවීමයි.


මෙම දෝෂය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා බොහෝ ප්‍රකාශ හුවමාරු වූ අතර අනතුරුව වහාම Meta සමාගම එය නිවැරදි කිරීමට පියවර ගෙන තිබුණි.


එහිදී අදාළ සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් ලොවපුරා සිටින ෆේස්බුක් පරිශීලකයින්ගෙන් සමාව ඉල්ලා තිබුණි.


එසේම මෙම නොසිතූ සිදුවීම හේතුවෙන් පීඩාවට ලක්වූ සියලුදෙනා වෙත ඔවුන් කණගාටුව පළකර ඇත.

Post a Comment

0 Comments