නිසි පරිදි වයරින් කර නොතිබීම නිසා කොළඹ නගරයේ පිහිටි ප්‍රභූ නිවාස සහ කාර්යාල පරිශ්‍රවල ගිනි ගැනීම් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වසරේ ගත වූ කාලය තුළ ප්‍රභූ නිවාස හා කාර්යාල ගිනි ගැනීම් 142 ක් වාර්තා වී ඇත. එමෙන්ම ගෙවී ගිය මාස හතරකට ආසන්න කාලයේ ගිනි ගැනීමේ සිදුවීම් 308 ක් වාර්තා වී ඇත.
මේ අතරින් බොහෝ ගිනි ගැනීමේ සිදුවීම් වාර්තා වී ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙනි.
කෙසේ වෙතත් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පළාත් සභා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවසුවේ ගිනි නිවීමේ හමුදා ඒකක ලංකාවට ඇත්තේ 34 ක් පමණක් බවය. ගින්නක් ඇති වුවහොත් එම ස්ථානයට විනාඩි හතක කාලයකින් ළඟා වීමට හැකි දුරකින් ගිනි නිවීමේ ඒකකයක් තිබිය යුතු වුවත් මෙරට නගරවල යම් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් එම ස්ථානයට ගිනි නිවීමේ භටයන් ළඟා වීමට පැය දෙකක පමණ කාලයක් ගතවන බව ඔහු කියා සිටියේය.

0 Comments