ලංගම ගැන තීරණයක් ගනියි...

 

කිසිදු හේතුවක් මත ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.


ඔහු මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ කිහිපයකට නව බස් රථ බෙදා දීමට ඊයේ (07) එක්වෙමිනි.


බස් රථ බෙදාදීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදී අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අතර වචන හුවමාරුවක් ද සිදුවුණි.


රත්නපුර, ඇඹිලිපිටිය, ගොඩකවෙල, බලන්ගොඩ සහ කලවාන යන ඩිපෝ සඳහා නව ලංගම බස්රථ බෙදාදීමක් රත්නපුර නව නගරයේදී අද පැවැත්වුණි.


ඒ, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි.


රජයේ මැති ඇමතිවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ද එම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබුණි.


මෙහිදී බෙදාදුන් බස් රථ සංඛ්‍යාව 23කි.


උත්සවයේ අදහස් පළ කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,


"මේ ජාතික අර්බුදයෙන් අපි ගොඩ ඒම සඳහා වෙන සාකච්ඡාවක් කරන්නට වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රේමලාල් ජයසේකර මහතා එහෙම ඒ ගෙවල් ළඟ තියෙන පාරේ යන්න බැහැ කියලා එතන නිදාගෙන හිටියට මට කරන්න පුළුවන් ඇවිල්ලා ඇහැරවීම සඳහා වූ උදව්වක් කරනවා මිසක් පාර හදලා දීම කරන්න බැහැ. මොනම හේතුවක් නිසාවත් ලංගම පෞද්ගලීකරණය කරන්නේ නැහැ. නමුත් අපි පොරොන්දුවෙලා තියෙනවා 2025 වන විට සෑම ඩිපෝවක්ම පාඩු නොලබන තත්ත්වයට පත් කරන්න."

Post a Comment

0 Comments