ට්විටර් හි ප්‍රධාන විධායක නිලධාරියා මෙන්න...

 

ට්විටර් හි හිමිකාරිත්වය දරණ ඉලෝන් මස්ක් විසින් මීළඟ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එන්බීසීයූ නායිකාවේ ලින්ඩා යකුරිනෝ තෝරාගෙන තිබේ.


ඉලෝන් මස්ක් නව විධායක නිලධාරී ලින්ඩා යකුරිනෝට සිය සුබ පැතුම් ද එක්කර තිබේ.


මස්ක් ට්ව්ටර් පණිවිඩයක් මඟින් දන්වා සිටියේ මූලික වශයෙන් ව්‍යාපාරික මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කරන අතර ඔහු නිෂ්පාදන සැලසුම් සහ නව තාක්‍ෂණය කෙරෙහි වඩාත් අවධානය යොමු කරන බවයි.


ඔහු නව ප්‍රධාන විධායක නිලධාරියෙකු සෙවීම අවසන් කළ බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු, අද උදෑසන ට්විටර් පණිවුඩයක් මගින් යකාරිනෝගේ නව විධායක නිලධාරියා ලෙස නිල වශයෙන් දැනුම් දී තිබේ.

Post a Comment

0 Comments