එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කරයි...

 

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීම‍ට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.


එහි සභාපති නීතිඥ අසේල රැකව සඳහන් කළේ, නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි එම වාර්තාව සැකසීම ආරම්භ කර ඇති බවයි.


මේ වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවු හානිය ගණනය කිරිම, ආරම්භ කර ඇතැයි සභාපතිවරයා සඳහන් කළේ ය.

Post a Comment

0 Comments