පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සැලැස්ම ඇමති අතට...

 



2027 සිට 2030 දක්වා ප්‍රධාන ජනන සැලසුමට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති එක් කිරීම වෙනුවෙන් වන සැලසුම ලංකා විදුලිබල මණ්ඩලය විසින් විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදී තිබේ.


විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ පරිශ්‍රයේදී කංචන විජේසේකර අමාත්‍යවරයා අදාළ සැලසුම් වාර්තාව භාරදී ඇති බව සඳහන්ය.


පසුගිය වසරේ පුනර්ජනනීය බලශක්තිය ලෙස මෙගා වොට් 211ක් පද්ධතියට එකතු කර ඇති අතර ඉන් මෙගා වොට් 146ක් වහළය මත සවි කරන ලද පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් වන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.


2027 - 2030 කාලය තුළ අමතර මෙගා වොට් 3075ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

Post a Comment

0 Comments