කල්කුඩා ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතික සංචාරකයෙකුගේ මුදල් සහ භාණ්ඩ සොරා ගත් එම හෝටලයේම සේවකයෙකු සොයා කල්කුඩා පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
පෙරේදා(09) රාත්‍රියේ එම රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි කාමරය ඇතුළට පැමිණ ඇති හෝටල් සේවකයා ඇමෙරිකානු ඩොලර් 1800ක් ,ශ්‍රී ලංකා මුදලින් රුපියල් 5000ක් ,ලැප්ටොප් පරිගණක ඇතුළු භාණ්ඩ රැසක් ගෙනගොස් ඇති බව පොලීසිය පවසයි.
සැකකාර හෝටල් සේවකයා සේවයට එක්වූ පළමු දිනයේම මෙම හොරකම සිදුකර පලාගොස් ඇති බව විමර්ශනවලදී පොලිසියට අනාවරණය වී තිබේ.

0 Comments