ඉදිරි ජනාධිපතිවරණයට සජබෙන් අපේක්ෂකයෙක්...

 

ඉදිරි ජනාධිපතිවරණයට තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.


ඒ ඊයේ (08) විපක්ෂ නායක කාර්යාලයේ දී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී යි.


මෙහිදි වැඩිදුරටත් තීරණය වී ඇත්තේ, අදාළ අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවයි.


එම සන්ධානය ගොඩනැගීම සඳහා පක්ෂ නායකයා ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සම්පූර්ණ බලය පැවරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.


ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග එක්නොවිය යුතු බවටත්, තනතුරු ලබා නොගත යුතු බවටත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒකමතිකව තීරණ වී ඇතැයි වාර්තා වේ.

Post a Comment

0 Comments