ජාතික පොලිස් කොමිෂන් සභාව අද රැස්වෙයි...

 

ජාතික පොලිස් කොමිෂන් සභාව අද (11) රැස්වීමට නියමිතව තිබේ.


කොමිෂන් සභාවේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොමිසම රැස්වීමට නියමිත බව වාර්තා වේ.


එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතව තිබේ.


තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අසාධාරණ බව පවසමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.


අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අද දිනයේ පොලිස් කොමිෂන් සභාවේ දී සලකා බලා ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට කටයුතු කරන බව පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සඳහන් කළේය.


මේ අතර පවතින පොලිස් කොමිෂන් සභාව රැස්වන අවසන් දිනය අද බව ද වාර්තා වේ.

Post a Comment

0 Comments