නිරූපිකාවන් කරනවා කියලා තරුණියන් නිරුවත් කළ සිසුවෙක්...

 

ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නමින් ව්‍යාජ ලෙස වට්ස්ඇප් ගිණුම් දෙකක්  සකස් කර නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රූමත් ලාබාල තරුණියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රමශීලීව ගෙන්වාගත් පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය පවසයි


අත්අඩංගුවට ගත් එම සැකකරු මෙවර උසස් පෙළ හදාරන 19 හැවිරිදි සිසුවෙකි.


සැකකරු එලෙස උපක්‍රමශීලීව වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ගෙන්වා ගෙන තිබූ රූමත් ලාබාල තරුණියන්ගේ නිරුවත් ඡායාරූප පහළොවකට ආසන්න සංඛ්‍යාවක්  සැකකරු පරිහරණය කරන ලද පරිගණකය තුල ගබඩා කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත   


ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනෙකුගේ නම් භාවිතා කර ව්‍යාජ ලෙස සකස් කරන ලද වට්ස්ඇප් ගිණුමක් හරහා ප්‍රසිද්ධ ආයතන වල නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා වලට කැමති රූමත් ලාබාල තරුණියන්ට අවස්ථාව ලබා දිය හැකි බව ප්‍රසිද්ධ කර ඒ සඳහා කැමති තරුණියන් කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව එම තරුණියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රමශීලීව ලබාගන්නා බවට විද්‍යුත් මාධ්‍ය ආයතනයක් හරහා තොරතුරක් ලැබුණ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය


සැකකරු ඒ සෑම තරුණියක් සමග ම සම්බන්ධ වී ඇත්තේ කෙටි පණිවිඩ හරහා බව පොලිසිය පවසයි 


ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි ලකි රන්දෙණියගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බි. වි. අයි .ග‍යශ්‍රීගේ මෙහෙයවීමෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව ඒ බව අනාවරණය වී ඇත


සැකකාර පාසල් සිසුවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Post a Comment

0 Comments