මගින් සහිතව තරගකාරි ලෙස අධික වේගයෙන් අන්තරාදායිකව ධාවනය කල පෞද්ගලික බස් රථ දෙකක් හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ සිට හැටන් දක්වා සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය කල පෞද්ගලික බස් රථ දෙක ගිනිගත්හේන සිට හැටන් දක්වා අධික වේගයෙන් තරගකාරි ලෙස බස් රථ ධාවනය කිරිම සම්බන්ධයෙන් එම බස් රථ වල ගමන් ගත් මගින් විසින් හැටන් පොලිසිය වෙත දුරකථනයෙන් කල දැනුම් දිමක් සහ එම බස් රථ දෙකට පිටුපසින් පැමිණි පෞද්ගලික වාහනයකින් බස් රථ දෙකෙ අන්තරාදායික ලෙස ධාවනය කරන ආකාරය ජංගම දුරකථනයකින් විඩියෝගත කර හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා වෙත යොමු කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වු මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් යොදවා බස් රථ දෙක සහ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බස් රථ දෙක (22) දින නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ පරික්ෂක ධමින්ද සේනානායක මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම බස් රථ දෙකෙහි මොටර් රථ අඥා පනතට පටහැනිව මගින්ට අවධානම් සහිතව සවි කර තිබු උපාංග රැසක් ගලවා ඉවත් කරන ලෙසට ප්‍රධාන මොටර් රථ පරික්ෂකවරයා විසින් එම බස් රථ දෙකෙහි රියදුරන්ට උපදෙස් ලබාදුන්හ.
බස් රථ දෙකෙහි සවි කර තිබු අවධානම් සහිත උපාංග දින 10 ක් ඇතුලත ගලවා ඉවත් කරන තෙක් එම බස් රථ දෙකෙහි අදායම් බලපත්‍රය ප්‍රධාන මොටර් රථ පරික්ෂකවරයා භාරයට ගත් අතර , එම කාලය තුල බස් රථ දෙකෙහි සවි කර තිබු අවධානම් සහිත උපාංග ගලවා ඉවත් නොකලහොත් බස් රථ දෙක ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ පරික්ෂකවරයා විසින් රියදුරන්ට අවවාද කරනු ලැබුහ.
අවධානම් සහිතව අධික වේගයෙන් බස් රථ ධාවනය කිරිම සම්බන්ධයෙන් එම බස් රථ දෙකෙහි රියදුරන්ට (23) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස හැටන් රථ වාහන අංශයේ නිලධාරින් විසින් උපදෙස් ලබා දි රියදුරන් දෙදෙනා ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබුහ.

0 Comments