නොරොච්චෝල දළුව ප්‍රදේශයේ දී ඊයේ (30) දිනයේ තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 30ක් වන දළුව ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකි.
ජංගම දුරකථනයක් සම්බන්ධ ආරවුලක් මත මෙම ඝාතනය සිදු වූ බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධව සැකකරුවන් සිව්දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේය.
0 Comments