ලැගුම්හලේ රැඳීසිටි සිසුවිය මියයෑමේ පරීක්ෂණ CIDයට...

 



කළුතර නගරයේ ලැගුම්හලක පස් මහල් ගොඩනැගිල්ලකින් අභිරහස් ලෙස ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.


දකුණු කළුතර ප්‍රධාන වීදිය අංක 402 ලිපිනය පිහිටි සිසිලියන් වෝක් හෝටලයයේ පස් වන මහලින් දැරිය ඇද වැටී මියගොස් තිබුණේ ඉකුත් 6 වෙනි දින ය.



එම අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට  දැරියව හෝටලේට රැගෙන ගිය බව කියන විසි නව හැවිරිදි විවාහක පුද්ගලයා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන අතර ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ සහ දැරියව හෝටලයට රැගෙන යාමට උදව් උපකාර කළ බව කියන තරුණයා සහ තරුණිය රිමාන්ඩ් භාරයට පත්කර ඇත.


පොලිස්පති සි ඩි වික්‍රමරත්නගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ 11 සවස  දැරියගේ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.


ඒ අනුව දැරියන් පදිංචිව සිටි කළුතර නාගොඩ නිවෙසට ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මව ඇතුළු කීප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Post a Comment

0 Comments