සුපිරි හොලිවුඩ් නළු ක්‍රිස් හෙම්ස්වර්ත් ප්‍රධාන චරිතයට පණ පොවන එක්ස්ට්‍රැක්ශන් 2 (Extraction 2) චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.
එම නවතම පූර්ව ප්‍රචාරක පටය යූ ටියුබ් වෙත එක්කර පැය කිහිපයක් ඇතුළත එහි නැරඹුම් වාර සංඛ්‍යාව මිලියන 5ක් ඉක්මවා ඇත.
2020 වසරේදී නෙට්ෆ්ලෙක්ස් (Netflix) හරහා ප්‍රදර්ශනය කළ එක්ස්ට්‍රැක්ශන් චිත්‍රපටයේ දෙවන කොටස ලෙස මෙම නවතම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව ජුනි මස 16 වනදා එය නෙට්ෆ්ලෙක්ස් හරහා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
2020 වසරේ ප්‍රදර්ශනය කළ එක්ස්ට්‍රැක්ශන් චිත්‍රපටයද නෙට්ෆ්ලෙක්ස් හරහා වාර්තා පිට වාර්තා තැබූ චිත්‍රපටයකි.
හොලිවුඩ් සිනමාවේ පෙරළිකාරයෙකු වන ක්‍රිස් හෙම්ස්වර්ත්ගේ සුපිරි රංගනයෙන් හැඩවන එක්ස්ට්‍රැක්ශන් 2 චිත්‍රපටයද ඒ අයුරින්ම ලොවපුරා සිනමා රසිකයින් ආදරයින් වැළඳගනු ඇති බවට මේ වනවිටත් සිනමා විචාරකයින් මත පළකර ඇත.
යූ ටියුබ් වෙත එක්කර හෝරා කිහිපයක් ගතවෙද්දී මේ වනවිටත් නැරඹුම් වාර මිලියන 5.5 ඉක්මවූ එක්ස්ට්‍රැක්ශන් 2 චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය පහතින්.
 


 
 
 
 
 
 
 
 
0 Comments