අද වන විට රුපියල ශක්තිමත් වී ඇත්තේ කෘතිම පාලනයක් හේතුවෙන් නිසා බවත් වැඩි කලක් යාමට පෙර එය වෙනස් වී යන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
බාහිර රට වලින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ශ්‍රී ලංකාවට ඉහළ පොලියක් යටතේ ගෙන්වා ගැනීම හේතුවෙන් මෙසේ රුපියල ශක්තිමත් වී ඇති බවද පැවසූ ඔහු එම මුදල් සඳහා 25% ක ඉතා ඉහළ පොලියක් ගෙවමින් ඇතැයිද කියා සිටියි.
පසුගිය මාස තුනේ දී පමණක් වූ රුපියල් අසූවකින් පමණ අධි ප්‍රමාණය වී ඇති බවත් එහි වාසිය ගොස් ඇත්තේ වෙන කිසිවකුට නොව එම ඩොලර් ලබා දුන් පුද්ගලයන් පිරිසට පමණක් බවත් ඒ මහතා සඳහන් කරයි.
මෙතරම් ඉහළ වාසියක් වෙන අවස්ථාවක එසේ මුදල් ලබා දෙන පුද්ගලයන් ජාත්‍යන්තරව සිටින බවත් ඔවුන් එම වාසිය ලබාගත් පසු නැවතත් එම මුදල් ආපසු ගෙන යනු ඇති බවත් පැවසූ ඔහු ඉන් අනතුරුව ඇති වන ඵලවිපාක වලට මෙරට ජනතාවට විඳීමට සිදුව ඇති බවද කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් කරන ලදී.
0 Comments