ගතවූ වසර හතරක කාලය තුළ අලුතින් ලක්ෂ 40 ක ජනතාවක් දී දිලින්දන් බවට පත්වී ඇතැයි හෙළි වී ඇත.
මුළු දිවයිනම නියෝජනය පරිදි ‘ලර්න් ඒෂියා’ ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.
ඒ අනුව 2023 වසර වනවිට මෙරට සිටින මුළු දිලින්දන් ප්‍රමාණය මිලියන හතක් එනම් ජනගහනයෙන් 31%ක් බව සමීක්ෂණයෙන් හෙළි කරගෙන ඇත.
දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අයගෙන් 81%ක් ග්‍රාමීය ජනතාව වන අතර 2019 දී 15%ක් වූ එය මේ වන විට 32%ක් තෙක් දෙගුණයකින් ඉහළ ගොස් ඇත.
2019 දී 6%ක පැවති නාගරික දරිද‍්‍රතාවය 18% දක්වා තුන් ගුණයකින් වැඩි වී තිබේ.
0 Comments