බිත්තර පාලන මිල 44යි… විකුණන්නේ 60යි…

 


රජය විසින් පාලන මිලක් පනවා තිබුනද තවදුරටත් වෙළඳුන් විසින් බිත්තර ඉහළ මිලකට අලෙවි කරමින් සිටී.

සුදු බිත්තරයක් රුපියල් 44ක් සහ රතු බිත්තරයක් රුපියල් 46ක් වශයෙන් පාලන මිලක් පනවා ඇතත් බොහෝ වෙළඳුන් බිත්තර අලෙවි කරන්නේ රුපියල් 47 සිට 60 දක්වා වූ වැඩි මිල ගණන් යටතේ ය.

බිත්තර බර අනුව අලෙවි කිරීමේදී සුදු බිත්තර කිලෝව 880ක් හා රතු බිත්තර කිලෝව රුපියල් 920කටත් මිල නියම කර තිබුණ ද ඒ යටතේ ද බිත්තරයක් මිල රුපියල් 50 ඉක්මවා අලෙවි වෙයි.

Post a Comment

0 Comments