ප්‍රභූ ආරක්ෂකයින් 5400ක් ඉන්න තැන් සොයයි...

 



මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් නොවන අයගේ ආරක්ෂාව සඳහා ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 5,400ක් අනුයුක්ත කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.


ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


ඒ සම්බන්ධයෙන් තමා වාර්තාවක් කැඳවා ඇති බව පැවසූ අමාත්‍යවරයා එහි සඳහන් කරුණු අනුව අවශ්‍ය වෙනස්කම් සිදුකරන බව අමාත්‍ය අලස් පැවසීය.

Post a Comment

0 Comments