ඉරිදා දින වව්නියා සියලු උපකාරක පංති නවතයි…

 

වවුනියාව දිස්ත්‍රික්කයේ පැවත්වෙන සියලු ආකාරයේ උපකාර පන්ති ඉරිදා දිනය තුළ නවතා දැමීමට උපකාර පන්ති කළමනාකරුවන් වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී එකඟතාවය පළ කළහ.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී එහි සභාපති කුලසිංහම් දිලීපන් මහතා හා වවුනියාව දිස්ත්‍රික් උපකාර පන්ති කළමනාකරුවන්,උපකාර පන්ති ගුරුවරුන් සමඟ සිදුකළ සාකච්ජාවකදී අදාළ තීරණය ගනු ලැබීය.

වවුනියාව දිස්ත්‍රික්කයේ පැවැත්වෙන කුමන හෝ උපකාර පන්තියක් සදුදා දිනයේ සිට සෙනසුරාදා දක්වා උදෑසන සිට සවස 6.30 දක්වා පමණක් පැවැත්වීමටත්,ඉරිදා දිනයේ කිසිදු අවස්ථාවක උපකාර පන්ති නොපැත්වීමටද මෙම රැස්වීමේදී තීරණය කරනු ලැබීය.

කෙසේ වෙතත් උසස්පෙළ දරුවන් වෙනුවෙන් පමණක් ඉරිදා දිනයේ උපකාර පන්ති පැවැත්වීමට සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් පාර්සවයන් සමග සාකච්ඡා කොට සලකා බැලීමටද තීරණය කළහ.

සාකච්ජාවන් වෙනුවෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන්,පොලිස් නිළධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙලෙසින් පසුගිය සතියේද යාපනය දිස්ත්‍රික්කයේ උපකාර පන්ති සිකුරාදා සවස හා ඉරිදා දිනයේ නොපැවත්වීමට යාපනය දිස්ත්‍රික් උපකාර පන්ති ගුරුවරුන් හා කලමනාකරුවන් යාපනය දිසාපති වරයා සමග සිදුකල සාකච්ඡාවකදී එකඟතාවය පළ කොට තිබිණ.

අධ්‍යාපනය ලබන දරුවන්ගේ මානසික සුවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් අදාළ තීරණ ගැනීමට යාපනය හා වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු තීරණය කොට ඇත.

Post a Comment

0 Comments